9වනදා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අදාළව තවත් 11ක් අත්අඩංගුවට

Date:


පසුගිය මැයි 9 වනදා දිවයන පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අදාළව තවදුරටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනවා. ගෙවුනු පැය 24 ක කාලය තුළදී පමණක් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ඊයේ දිනය තුළ සැකකරුවන් 12 දෙනෙකුට ඇප ලබාදී ඇති අතර 9 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මැයි 9 වනදා දිවයින පුරා වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සංඛ්‍යාව 857 ක්. ගෙවුණු  පැය 24 දී ඊට අදාළව තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සැකකරුවන් සංඛ්‍යාව 2,969 ක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මුලු සැකකරුවන් සංඛ්‍යාව 1,122 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.

 

 

The publish 9වනදා සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අදාළව තවත් 11ක් අත්අඩංගුවට appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

Australia lose 2-1 to Ecuador at Marvel Stadium in Melbourne

If final week’s conflict gave Socceroos followers a...

Fire at Mexico migrant facility near US border leaves 39 dead, officials say

A fireplace at an immigration detention heart in...