ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හි 75 වන සංවත්සරය නිමිත්තෙන් ජාතක කතා සිංහල ශ්‍රවණ පුස්තකය පොසොන් පොහොය දින අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී එළි දැක්විණි. යහපත් ඔවදන් යන තේමාව යටතේ ජාතකට්ඨ කථා අතරින් තෝරාගත් ජාතක කතා 50ක් ඇතුළත් මෙම ශ්‍රවණ පුස්තකය ප්‍රධාන වශයෙන්ම දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් සකසා ඇත. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තාක්ෂණික සහයෝගීතා අංශයේ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය සුෂිල් කුමාර් මහතා විසින් පළමු ශ්‍රවණ පුස්තකය මහා සංඝරත්නය වෙත පිළිගන්වන ලදී. ග්‍රන්ථය එළිදැක්වීමෙන් අනතුරුව ඊට දායකත්වය ලබා දුන් පිරිස මහා සංඝරත්නය සමඟ සේයාරුවකට මුහුණ දුන් අයුරු.