ජනතා අරගලයෙන් නෙරපාහරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු වීසා සඳහා කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දියාවේ ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරයි.
කොළඹ සිටින නිලධාරියෙකු උපුටා දක්වමින් දි හින්දු වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති අතර කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයෙන් මීට අදාළ කරුණු විමසීමට උත්සාහ කළද ඔවුන් කරුණු දැක්වීමක් සිදුකර නොමැති බව වැඩිදුරටත් එහි වාර්තා කර තිබේ.
පසුගිය 2019 වර්ෂයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ද්විත්ව පුරවැසි භාවය ව්‍යවස්ථාවෙන් බාධාවක් වී තිබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබිණි.