හමුදා නිලධාරියෙක් සිවිල් වැසියෙකුට පහරදීම ගැන යුද හමුදාවෙන් විමර්ශනයක්

Date:


ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා නිලධාරියෙකු විසින් සිවිල් වැසියෙකුට සිදු කළ පහර දීම සම්බන්ධයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය- බටහිර විසින් විධිමත් ලෙස විමර්ශණය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බලසේනාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල මූලික පරීක්‍ෂණ උසාවියක් වහාම පත් කර ඇත.  

 

යුද හමුදාපතිවරයාගේ නියෝගය මත මෙම පියවර ගෙන ඇතැයි යුද හමුදා මූලස්ථානය සදහන් කරයි. 

 

දොරහිටියාව පොලිස් වසමේ යග්ගපිටිය ඉන්ධන පිරවුම්හලේ දී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත. 

 

අදාළ සිවිල් වැසියාද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ. එම පරීක්‍ෂණ වල නිගමන වලින් අනතුරුව හමුදා සාමාජිකයා හා සම්බන්ධ අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට යුද්ධ හමුදාව කටයුතු සිදුකරනු ලබයි. 

 

මේ අතර ඇඹිලිපිටියේදී හමුදා සාමාජිකයෙක් හට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියෙන් මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

රටේ පවතින ඉන්ධන අර්බුදය සහ එහි බෙදා හැරීමේ කටයුතු සඳහා සහය වීම පිණිස රජයේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, යුද හමුදා පනතේ විධිවිධාන වලට අනුකූලව රාජකාරීන් සඳහා යොදවා ඇතැයි සදහන් කෙරේ.

 

ඉන්ධන පිරවුම්හල්වල දැනට සිදුවන බවට පොලිසිය මගින් ද තහවුරුකරගෙන ඇති විවිධ අක්‍රමිකතා සහ විවිධ අරමුණු සහිත පිරිස්වල අවීනීත, උද්වේගකාරී මෙන්ම කලහකාරී ක්‍රියාකාරකම් නිසා පොලිසියට එය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් එම තත්ත්වයන් නිරාකරණය කර ගැනීමටත් විනිවිදභාවයෙන් යුක්තව කටයුුතු කිරීම සඳහාත් ඉන්ධන බෙදාදීම වඩාත් පාරදෘශ්‍ය ආකාරයෙන් සිදුකිරීම සඳහාත් භටපිරිස් ඉන්ධන පිරවුම්හල්වල රාජකාරීන් සඳහා යොදවා ඇතැයි යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

Share post:

Popular

More like this
Related

IAEA Chief Grossi Says Deal To Protect Ukrainian Nuclear Plant ‘Close’

Belarus claims it was "compelled" to conform to...

Kate Garraway’s husband Derek Draper takes rare trip outside in wheelchair

Kate Garraway’s severely in poor health husband Derek...

Bitter taste of kiwis: Indian fruit pickers in Italy allege abuse | Migration

Editor’s observe: In collaboration with Danwatch, IRPI Media...

Opinion: What does filing your taxes have to do with poverty?

Breadcrumb Path Hyperlinks ...