සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ට විශේෂ ඉන්ධන කූපන්

Date:


ඉන්ධන අර්බුදය මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යංශය, ලංකා ගමනාගමන මණ්ඩලයේත්, ශ්‍රී ලංකා යුධ හමුදාවේත් සහය ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. 

 

සංචාරක අමාත්‍යංශයේ ලියාපදිංචි රියදුරන්ට, ලබාදී ඇති ක්ෂණික දුරකථන අංක වෙත කතා කර ඔවුන්ගේ ගමන් විස්තරය ලබා දීමෙන් පසු, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන්  ප්‍රනාන්දු මහතා පවසයි. 

 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද(06) සංචාරක කර්මාන්ත පුනර්ජීවන සැලැස්ම සහ ඉඩම් අමාත්‍යංශයේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

 

දැනට ලැබී ඇති ඇමතුම් තුන්දහසකින්, දහසක පමණ රියදුරන්ට ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයට පැමිණ අදාළ තොරතුරු ලබා දී ඔවුන්ට අවශ්‍ය එම කූපනය ලබා ගැනීමට ද හැකියාව ඇත. තම සංචාරක හැඳුනුම්පත පමණක් ලබා දීමෙන් ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවේ. 

 

පසුගිය මාසයට වඩා මේ මාසයේ සංචාරකයින්ගේ ආගමනයේ 8.8percentක වැඩිවීමක් දක්නට ලැබේ. අර්බුදය මධ්‍යයේ වුවත් සංචාරකයින් පැමිණෙමින් සිටින අතර එළැඹෙන අගෝස්තු මාසය වන විට නල්ලුර් කෝවිලේ තිබෙන උත්සවයට ඉන්දියාව, ප්‍රංශය, එංගලන්තය වැනි රටවලින් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම ශීත සෘතුව වන දෙසැම්බර් වන විටත් සංචාරකයන්ගේ  පැමිණීම වැඩි වනු ඇත.

 

ඉඩම් අමාත්‍යංශය මගින් බෝග වගා සඳහා ඉඩම් විශාල ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරමින් පවතී. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බලපත්‍ර තිබූ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම  ඉදිරියේදී සිදුවේ. එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික කටයුතු දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සකස් කරමින් පවතී. ඉඩම් ලබා දීමේ දී, විශේෂ ව්‍යාපෘති වන භෝග වගා, හෝටල් ව්‍යාපෘති, ආයෝජනය සම්බන්ධ ව්‍යාපෘති සඳහා විශේෂ අවධානයක් යොමු කෙරේ.

Share post:

Popular

More like this
Related

Indian Journalist In US Lalit Jha Alleges Attack By Khalistani Supporters Near Embassy

<!-- -->The journalist determined to take no motion...

Labor wins the 2023 NSW election

Labor's victory comes after 12 lengthy years in...

The secret is out on Kanab, Utah

Breadcrumb Path Hyperlinks ...

Russia Claims Azerbaijan Violated Cease-Fire With Armenia

The Belarusian opposition -- bolstered by vows of...