ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ වැරදි ප්‍රතිපත්ති බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙන්වා දෙනවා. CNN රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියාසිටියා.
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා CNN රූපවාහිනියේ පිලිපීන සේවය සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව කියාසිටියා. මෙරට මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඒ මහතාගේ බෑනනුවන් වන අර්ජුන් ඇලෝෂියස් ද කලක් බන්ධනාගාරගතව සිටියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් CNN මාධ්‍යවේදියා මහේන්ද්‍රන් මහතාගෙන් විමසා සිටියා.
“]
The put up ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අර්ජුන් මහේන්ද්‍රන් CNN වෙත කියයි appeared first on ITN Information.