යූරියා ගෝනි පැන්නූ ආයතන සේවකයා දැලේ

Date:


හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබූ යූරියා පොහොර තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මින් එක් සැකකරුවෙක් අදාළ ආයතනයේම සේවකයෙකු වන අතර, පොහොර තොගය සඟවා තැබීමට සහයදීම සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් අනෙක් පුද්ගලයින් දෙදෙනා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

 

සැකකාර සේවකයා විසින් ලක්ෂ 06ක් පමණ වටිනා යූරියා තොගයක් සොරාගෙන ඇති අතර, ඒවා පෝර බෑග් 16ක අඩංගුව තිබූ බව පොලිසිය පවසයි.

 

ඔහු විසින් ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් ආධාරයෙන් ආයතනය ඇතුළතදී මෙම පොහොර තොගය ප්‍රවාහනය කර ඇති බවත්, පසුව තාප්පයෙන් පිටතට දැමූ පොහොර ගෝනි තොගය වෙනත් වාහනයක් ආධාරයෙන් ආයතන පරිශ්‍රයෙන් ඔබ්බට ගෙනගොස් තිබූ බවත් අනාවරණය වී ඇත.

 

හොරණ පොලිසිය සිදුධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

Share post:

Popular

More like this
Related

Women’s Reservation Bill Clears Parliament In Historic Step Towards Becoming Law

<!-- -->Ladies's Reservation: The large debate in Rajya...

US Asks India To Cooperate In Probe Of Khalistani Terrorist’s Death

<!-- -->White Home official stated that US is...

Shah Rukh Khan’s Film Joins The 500 Crore Club

<!-- -->SRK in Jawan. (courtesy: YouTube)New Delhi: Shah...

From Rif to Atlas: Youth-led NGO crosses Morocco to support rural tribes | Earthquakes News

When he obtained the decision concerning the earthquake...