අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (11) හදිස්සි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
ඒ, කොළඹ 07 මල් පාර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ සිය පෞද්ගලික නිවසේ දීය.
අදාල කැබිනට් රැස්වීමට සහභාගීවිය හැකි සෑම ඇමතිවරයෙකුටම සහභාගී වන ලෙස දැනුම්දී ඇති බවත් එසේ සහභාගී වීමට නොහැකි ඇමතිවරුන්ට සුම් තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස දැනුම්දී ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සදහා පසුගිය දා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ඇමතිවරුන්ට දැනුම්දී නැතැයිද පැවසේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙවර ධුර කාලයේ අවසන් කැබිනට් රැස්වීම මෙය වනු ඇත.