පොහොර බෙදීම ඇරැඹේ | සිළුමිණ

Date:


නයනික යූරියා පොහොර මේ වන විටත් ගොවි ජනතාවට ලබා දීමට රජය පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම පොළොන්නරුව ඇතුළු යල කන්නයේ වී වගාව සඳහා පොහොර අත්‍යවශ්‍යව ඇති විශේෂිත පෙදෙස්වලට පොහොර බෙදා දීම පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කරන ලදී.

එහිදී රුපියල් 40,000ක් දක්වා ඉහළ නැඟ තිබූ යූරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මිලකට ලබා දීම සිදු කෙරිණි.

එක් ගොවිජන මධ්‍යස්ථානයකදී පොහොර මිටි 500ක් බැගින් බෙදා දීමට පියවර ගෙන තිබූ අතර කඩිනමින් දිවයින පුරාම පොහොර බෙදා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. රජය විසින්ම පොහොර ලබාදීම නිසා වෙළෙඳුන්ට පොහොර ගබඩා කර තබා වැඩි මිලට විකිණීම අසීරු වී ඇති අතර පොහොර ලබාගත් බොහෝ ගොවි ජනතාව රතිඤ්ඤා දල්වා සතුර පළ කර ඇතැයි කියති.

 

 

Share post:

Popular

More like this
Related