ජනතා විරෝධය හමුවේ රටෙන් පලාගොස් විදේශයක සිට හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නව ඡනාධිපතිවරයෙකු තෝරාපත්කරගන්නා දිනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව හෙට (16) පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් පසු ලබන 19 – අඟහරුවාදා නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇත.
ඒ අනුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම බන 20 – බදාදා සිදු කිරීමට එහිදි තීරණය කර තිබේ.