දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුවයි… නියාමකවරු වර්ජනයේ… – Lanka Fact | සිංහල

Date:


පවතින ඉන්ධන අර්බුදය හමුවේ තමන්ට සේවා ස්ථාන වෙත පැමිණීමට නොහැකි බවත් වාහම තමන්ව සේවයට පැමිණීමට අවශය ඉන්ධන ලබා දෙන ලෙසත් සඳහන් කරමින් අද (01) පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වෘත්තීය සමිතිවල වර්ජනයෙන් දුම්රිය එන්ජින් රියදුරන් ඉවත්වී ඇති අතර දුම්රිය නියාමකවරු තවදුරටත් වර්ජනයේ නිරත වන බව සඳහවේ.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ වුවද ප්‍රමාදයන්ට යටත්ව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

මේ අතර, පවතින ඉන්ධන ගැටලුවත් සමග දුම්රිය සේවකයින්ට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වී ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

ඒ අනුව රඹුක්කන මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොලඹ කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත පානදුර වාද්දූව දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු වී තිබේ.

Share post:

Popular

More like this
Related

The long history of business, resource sectors not backing climate

It is all surprisingly acquainted. The overall response to...

Group says Kingston is SS Keewatin’s best option for survival

Breadcrumb Path Hyperlinks ...

Finland on course for NATO membership after Hungarian vote – POLITICO

The Hungarian parliament ratified Finland’s NATO membership on...

IAEA Chief Grossi Says Deal To Protect Ukrainian Nuclear Plant ‘Close’

Belarus claims it was "compelled" to conform to...