දිවිසැරිය නිම කළ ප්‍රවීණ කතුවර අමරතුංග

Date:


සිංහල පුවත්පත් කලාවේ සාර ගමනකට ගුරු තරුවක්ව පෙර මං කියූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කරුණාරත්න අමරතුංගයෝ ඉකුත් 15 වෙනිදා දිවි සැරියෙන් සමු ගත්හ. ඒ එතුමා 76 වෙනි වියෙහි පසුවෙද්දීය.

එතුමන් සිළුමිණ සහ දිනමිණ පුවත්පත් ද්විත්වයේම ප්‍රධාන කර්තෘ ධුරය දැරූ වියතෙකි. පේරාදෙණිය සරසවියේ ආර්ථික විද්‍යාර්ථයෙක් වූ එතුමෝ සාහිත කලා සේවනයෙන් මනා පරිචයක් ලද බහුශ්‍රැතයෙකි. සරච්චන්ද්‍රයන් සමග සමීප ඇසුරක් අමරතුංගයන්ට තිබිණි. කලාව මතු නොව, සමාජ ආර්ථිකය, දේශපාලනය සම්බන්ධ විදග්ධ දැක්මක් ඔහු සතු විය. එතුමෝ කර්තෘත්වය හොබවන සමයේ සිළුමිණ මෙන්ම දිනමිණ පුවත්පත් ද සාර කෝෂයක් වූ අයුරු පාඨකයෝ දනිති.

හේ සිය මාධ්‍ය දිවිය ඇරැඹුවේ දවස පුවත්පතෙනි. පසුව දවස සහ රිවිරැස පුවත්පත් දෙකෙහිම විශේෂාංග කර්තෘවරයා ලෙස කටයුතු කළ අමරතුංගයන් සිය සොයුරු යසරත්න අමරතුංගගේ අභාසය ලත් ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය ප්‍රායෝගිකව කළ පුවත්පත් කලාවේදියකු විය. එතුමන් මුල්වරට දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවයට එන්නේ 1995 වසරේ ජනවාරි මස පළමුවැනිදාය. පසුව එතුමෝ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයෙක් වූහ. අනතුරුව දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා ද විය. 2005 වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම වසරේ දෙසැම්බර් 4 දා තෙක් සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් අමරතුංගයෝ කටයුතු කළහ. ඒ සිළුමිණේ දහනව වැනි ප්‍රධාන කර්තෘවරයා ලෙසය. 2007 වසරේ නොවැම්බර් මාසයේ 25 දා ලේක්හවුස් සේවය නිම කළ අමරතුංගයෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක උපදේශකවරයකු වශයෙන් සේවය කළහ.

කලක් අසනීපව සිටි අමරතුංගයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කළුබෝවිල රෝහල වෙත මාරු කර යැවුණි. අභාවප්‍රාප්ත අමරතුංගයන්ගේ අවසන් කටයුතු පසුගිය 17 වැනිදා කලල්ගොඩ වැලිපාර පොදු සුසාන භූමි ආදාහනාගාරයේ දී සිදු කෙරිණි. ඔහු පිළිබඳ මතකය හුදු මතක මාත්‍රයක් වෙන්නේ නැත. මක් නිසාද යත් ඔහු තවත් එක් පත්තරකාරයෙක් නොවූ බැවිණි. මහත්මා ගුණයෙන් යුතු විරල මනුෂ්‍යයෙක් වූ බැවිනි.

• ටානියා මෝසස්

 

Share post:

Popular

More like this
Related

Women’s Reservation Bill Clears Parliament In Historic Step Towards Becoming Law

<!-- -->Ladies's Reservation: The large debate in Rajya...

US Asks India To Cooperate In Probe Of Khalistani Terrorist’s Death

<!-- -->White Home official stated that US is...

Shah Rukh Khan’s Film Joins The 500 Crore Club

<!-- -->SRK in Jawan. (courtesy: YouTube)New Delhi: Shah...

From Rif to Atlas: Youth-led NGO crosses Morocco to support rural tribes | Earthquakes News

When he obtained the decision concerning the earthquake...