දකුණු කොරියාවේ රැකියා සඳහා 2105ක් පිටත්ව යයි

Date:


ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 2022 ජනවාරි සිට මේ දන්වා 2105 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

 

ඉන් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වන අතර එම ප්‍රමාණය 1611කි.

 

කොරියාවේ වසර 04යි මාස 10ක් අඛණ්ඩව සේවය කර, නැවත ලංකාවට පැමිණීමෙන් පසු පෙර සේවය කල ආයතනය මඟින් සේවා ගිවිසුමක් ලැබීමෙන් අනතුරුව, කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේ ක්‍රමවේදය යටතේ පිටත්ව ගොස් ඇති ප්‍රමාණය 299කි.

 

පරිගණක ආශ්‍රිත විභාගය සමත්ව රැකියා සඳහා 195 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

 

මේ අතර ජනවාරි සිට මේ දක්වා කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රමිකයින්ගෙන් වැඩිම ප්‍රමාණය වූ 676 දෙනෙකු ජුනි මාසයේදි පිටත්ව ගොස් තිබීම විශේෂත්වයකි.

 

කොරියානු රැකියා සඳහා ශ්‍රී ලංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමු කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරීන් පසුගිය දිනවල පැවැත්වූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස රැකියා ගිවිසුම් වැඩි වශයෙන් ලැබෙමින් තිබේ. 

 

මේ අතර, කොරියානු රැකියා සඳහා පිටත්වන 723 වන කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යන අතර, අද දින දහවල් පිටත්ව ගිය 34 දෙනකුගෙන් යුත් පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 308 ගුවන් යානයෙන් හා අද දින රාත්‍රියේ පිටත් වන 164ක පිරිස UL 470 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් පිටත් වීමට නියමිතය.

Share post:

Popular

More like this
Related

Why did the Palestinian group Hamas launch an attack on Israel? All to know | Israel-Palestine conflict News

EXPLAINERDozens killed, tons of injured after Hamas sends...

Air India’s First Look Of Planes After Major Logo, Design Change. See Pics

<!-- -->Our A350s begin coming house this winter,...

Pakistan beat Netherlands by 81 runs in ICC Cricket World Cup 2023 | ICC Cricket World Cup News

Haris Rauf took three wickets Pakistan’s bowlers dismissed...

Asian Games 2023 Day 13 Live Updates: Medal Rush For India On Day 13, 90-Mark Breached

Asian Video games 2023 Day 13 Dwell Updates:...