ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි

Date:


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට පැමිණීම සඳහා යළි සංවාදයක් ආරම්භ කරන ලෙස ඉල්ලා තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී මසාහිරෝ නොසාකි පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බවයි.

 

“මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට අපි සැලසුම් කරන අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් පිළිබඳ අපගේ සංවාදය නැවත ආරම්භ කිරීමට ඉඩ සලසන වත්මන් තත්වය විසඳා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු,” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. 

 

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාවට, විශේෂයෙන් දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඇති වන බලපෑම පිළිබඳව තමන් දැඩි පසුවන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනු ලබයි. 

 

IMF හි ප්‍රතිපත්තිවලට අනුකූලව, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැපවීම යළිත් තහවුරු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

 

Share post:

Popular

More like this
Related

World News: Stay Updated with Global Headlines

In today's fast-paced world, staying updated with global headlines...

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...