ජනපති කියාදුන් මහ බැංකුවේ Instruments පාඩමට වසර දෙකයි – වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සටහන – Lanka Reality | සිංහල

Date:


එදා හරියටම ජුනි 16.

මීට වසර දෙකකට කලින්.

එදත් අද වගේම කොළඹ අහස කළු කරල තිබුණෙ. ඉන්දියානු සාගරය පිසගෙන හමා එන සීත සුළං රැලි කොළඹ වටේ කැරකෙමින් තිබුණා. උදේ රාජකාරි වැඩවලට, ව්‍යාපාරික වැඩවලට, දෛනික වැඩවලට කොළඹ ආපු මිනිස්සු ගම් රටවල් බලා යන්න යුහුසුළු වුණා.

ඒ වෙනකොටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ (ඒ කාලේ ඒවා තිබුනෙ ඒක ඇතුළෙ) අකුණු ගහන බව, ගොරවන බව, විටින් විට හෙණ ගෙඩි පත්තු වෙන බව ඡන්දෙ දීපු- නොදීපු සාමාන්‍ය මිනිස්සු හාංකවිසියක්වත් දැනගෙන හිටියේ නෑ.

ජනාධිපතිතුමා අස්සන් කරල, පෑන පෙට්ටියට දාල වහල, පැත්තකින් තියල ගත වෙලා තිබුනෙ පසළොස්වක පෝය අටයි.

එදා කැඳවීම ලැබිලා තිබුණේ මහ බැංකු අධිපති මහාචාර්ය W.D ලක්ශ්මන් (BA, College of Ceylon, PhD Oxford College) ඇතුළු මහ බැංකුවේ නිලධාරීන්ට.

ජනාධිපතිතුමා කසය අතට අරන් හතර අතේ වනනවා. ඒකෙන් පුපුරු ගහනවා. ගිනි පිට වෙනවා. එතුමා primary economics, financial and monetary coverage ගැන මහ බැංකුවේ නිලධාරීන්ට කනේ ඇගිලි ගහගන්න කියනවා.

“දැන් අපි මොකක්ද පාවිච්චි කරන Instrument එක. රටේ ජනාධිපතිතුමාගේ Financial Coverage එකට හරියන්න ඕගොල්ලෝ ළඟ විවිධ Instruments තියනවා. ඒ Instruments පාවිච්චි කරන්න ඕනේ. අපේ මහ බැංකුව කිසිම Instrument එකක් පාවිච්චි කරන්නේ නෑ.නිකං නිදාගන්නවා.

දැන් මම දීලා තියෙනවා ඕගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඕගොල්ලන්ට කරන්න බැරිනම් හෙට උදේ වෙනකොට ඕගොල්ලො දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න.”

මේ seen එක රාත්‍රී නිවුස්වලින් බලපු බොහෝ දෙනෙක් අමන්දානන්දයට පත් වුණා.

“කොහොමද අපේ ජනාධිපතිතුමා නිලධාරීන්ට සද්දේ දාපු හැටි. අන්න එහෙම තමයි ඉන්න ඕනා. රටක් පාලනය කරන්න පඹයෙක් වගේ ඉඳලා හරියන්නේ නෑ”. ඔය වගේ දේවල් කියවුණා, ලියවුණා.

ඒ අතරෙ තමයි social media වලට මේ පින්තූරෙ ආවෙ. ජනාධිපතිතුමාගෙන් බැනුම් අහපු මහබැංකුවේ නිලධාරීන් එදා රෑ එළි වෙනකන් ලයිට් දාගෙන මහබැංකුවේ වැඩ කළාලු. Thrill එක තවත් වැඩිවුණා.

කොහොම වුණත්,රෑ පුරා ලයිට් දාගෙන වැඩ කලත් ජනාධිපතිතුමා කියපු හැටියට, එතුමා කිව්වට වඩා වෙන විදිහක ක්‍රමවේදයක් පැය 24න් ඉදිරිපත් කරන්න මහබැංකුවේ නිලධාරීන්ට බැරි වුණා. ඒ අනුව ජනාධිපතිතුමා කියපු හැටියට එතුමාගේ ක්‍රමවේදයම එතැන් සිට මහබැංකු නිලධාරීන් ක්‍රියාත්මක කළා.
ඉතිං ඊට පස්සේ….

අවුරුදු දෙකක් වේගයෙන් ගත වුණා.

මහාචාර්ය ලක්ශ්මන් අයින් කරල ගෙනාපු #AjithNivardCabraal ජනාධිපතිතුමා කියපුවටත් “වඩා හොඳින්” instruments පාවිච්චි කළා.
ඒ instruments වල ප්‍රතිඵල දැන් පාර පුරා,පැය 24ම මේ රටේ ජනතාව භුක්ති විඳිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය මුහුණු පොතෙට එක්ක ර තිබූ සටහනකි.

Share post:

Popular

More like this
Related

How a dirt bike and a broken leg set Jack Doohan on the path to Formula 1

Doohan will compete for the primary time on...

Students deserve to know this shocking truth about communism

NEWNow you can hearken to Fox Information articles! ...

Florida couple visiting Haiti are kidnapped by a gang who demand $200,000 for their safe return 

A Florida couple visiting Haiti was kidnapped practically...