ගෝටාගේ Toolsවලින් බැංකු ටිකත් කම්බස් – Lanka Fact | සිංහල

Date:


වෙනදාටත් වඩා බොහොම ඉක්මනින් හුඟක් දේවල් අමතක වෙලායන, අමතක කරවන යුගයක් මේක. තමාට තමාවමත් අමතක කරවනවා. ඉතිං අනෙක් දේවල් ගැන කවර කතාද නේද? ඒත් අපි හොඳ සිහි කල්පනාවෙන් ඉමු. වැඩ කරමු. ගොමරිටි යට ගිහින් වටිනා කියන දේවල් පාකර හරින නිසා. දේශපාලන ඩීල් ඒ තරම් රජ කරන නිසා. හරිම පජාති වැඩ සිද්දවෙන්නේ.

ගෝටා කළ මහ පජාති වැඩක් ගැන මේ වෙලාවේ ලොකුම අවදානයක් යොමු කරන්න ඕනෑ. ගෝටා කළේම එහෙම වැඩනේ කියලා දැන් බොහෝ දෙනා කියයි. ඔව්. ඒක ඇත්ත. මේ කියන පජාති වැඩේ එදා වීර ක්‍රියාවක් විදිහටයි මේ රටේ මිනිසුන් බොහෝ දෙනෙක් ගත්තේ. ඔබට මතකද 2020 ජූනි 16 වෙනිදා ගෝටා මහ බැංකු අධිපති ඇතුළු ඉහළම නිලධාාරීන්ට දාපු තග? Instruments ගැන කිය කියා සිංහ සෙයියාව පෑව හැටි!

ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව තහවුර කරන බවට කටමැත දොඩවූවා. පාස්කු ප‍්‍රහාරයෙන් බය බිරාන්ත වෙලා හිටිය මිනිසුන්ට ගැලවුම් කාරයෙක් වෙලා ආවා. ලක්ෂ 69ක් ඡන්දය ගන්න මූලිකම පදනම ඒක. මහා මැතිවරණයේදී පොර වෙන්න ලොකු දෙයක් තිබුණේ නෑ. ඒ නිසා ඉන්න කාගේ හරි උපදෙස් අරගෙන ආර්ථිකය ගොඩදාන විශ්මකර්මයා විදිහට පෙනී සිටියා. Instruments ගැන කිය කියා මහ බැංකුවේ ලොක්කො ටිකට ඇඳිවතත් තෙත් වෙන්න නෙලුවා.

මාධ්‍යකාරයෝ තම තමන්ගේ කොටස කළා. මහ බැංකුව ලයිට් දාගෙන, තුන්යාමේත් වැඩ කරනවා කියලා පෙන්නුවා. සල්ලි අච්චු ගහලා බෙදන්න කියන Instruments එක පාවිච්චි කරන්න ආඥාවක් පැනෙව්වා. මේ ආඥාව එක්ක නගුට දෙපරැන්දේ ගහගත්ත මහ බැංකුවේ ලොක්කෝ සල්ලි අච්චු ගහලා බෙදන්න ගත්තා. මහ බැංකුව සල්ලි බෙදන්නේ නෑ. වාණිජ බැංකු හරහා ණය දෙන්න පටන් ගත්තා. ආර්ථිකය හිටු කියලා යන බව හිතලා 2020 අගෝස්තු 05 තිබ්බ මහ ඡන්දයෙන් තුනෙන් දෙකක බලය දුන්නා.

ආර්ථික ඔස්තාර්ලා විදිහට පෙනී හිටියපොරවල් ”නූතන මූල්‍ය න්‍යාය” කියලා හැඳින්වූවා. බොහෝ දෙනෙක් මෙකට ඇන්දුණා. මේ වැඩෙන් මිනිසුන්ට දරා ගන්න බැරිගානට බඩු මිලවැඩිවෙන බව කීව අයට එදා මිනිසුන් හිනාවුණා. මේ වැඩේ නිසා රට බරපතළ ඩොලර් අර්බුදයකට පත්වන බව කීවා. මිනිස්සු හිනාවුණා. ඩොලර් විතරක් නොවෙයි රුපියල් පවා අර්බුදයට පත්වෙන බව කීවා. මිනිස්සු හිනාවුණා. කටු කුම්බලාවෝ කෑවා. දැන් විඳවන්නේ මේවා නොවෙයිද?

ලෝකයෙන්ම අද ආහාර මිල වේගයෙන්ම ඉහළ යන රට ලංකාව. බඩු මිල වේගයෙන්ම ඉහළ යන රටවල් අතර දෙවැනි තැන ලංකාව. පළවෙනි තැන තියෙන්නේ සිම්බාවේ. ගෝටා Instruments පාවිච්චි කිරීත්‍ම් හැටි කොහොමද? ගෝටාට හරියන්න පාර්ලිමේන්තුවේදී වරලත් ගණකාධිකාරී අජිත් නිවාඩු කබ්රාල් පොරටෝක් දීලා අහස උසට බඩු මිල නග්ගපු එක. ලුණු ඉහගෙන කන්න වත් බත්පතක් පිහගන්න බෑ. හඳෙන් හාල් ගෙන්වනවා වෙනුවට හාල් මිල හඳ ලඟටම ගිහිල්ලා.

මේ කියන්නේ ගෝටා මහ ඡන්දයට දාපු Toolsවලින් අද මිනිසුන් කන්න නැති තත්වයට යවන හැටි. අපිට තාම හාල් පෝලිමේ ඉන්න මිනිස්සු පෙන්නේ නෑ. තෙල් පෝලිමත්, ගෑස් පෝලිමත් විතරයි පේන්නේ. තවත් නොපෙනෙන ප‍්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටේ බැංකු පත් කරලා තියෙන තැන ගැන. මේ කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන රජයේ බැංකු ටික ගැන විතරක් නොවෙයි.

මේ රටේ මුළු බැංකු පද්ධතියම ගැන. පෞද්ගලික අංශයෙත් වාණිජ බැංකු එක්කම. මහ බැංකුවත් එක්ක තමයි. අද මහ බැංකුව දුවන්නෙත් පාඩු පිට. අනික් වාණිජ බැංකු නම් පාඩු නෑ. හැබැයි ලොකුම අවදානමක් තියෙන්නේ. හැම පැත්තන්ම. වාණිජ බැංකු මුහුණ දීලා තියෙන අවදානම ගැන ආර්ථික විශේෂඥයෝ කතා කරන්නෙත් නෑ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ හොඳම උදාහරණයක්. පොලී අනුපාත වැඩිකළ එක බැංකුවලට බලපාන්නේ කොහොමද කියලා යූ ටියුබ් නාලිකාවකින් ඇහුවා.

”මම ඒ ප‍්‍රශ්නයට උත්තර දෙන්නේ නෑ” කියලා මහාචාර්යවරයා කීවා. ඒ ඔහුගේ සමාජ සහ ජාතික වගකීම ඉටුකළ විදිහ. ඒ පවතින අවදානම කොතරම්ද කියලා කියන එකත් ලොකු අනතුරක් නිසා. මහාචාර්යවරයා එහෙම කීවාට මහ බැංකු නිල වාර්තාවලින් සමහර කරුණු වසං කරන්න බෑ. මේ රටේ බැංකු පද්ධතියේම තිබෙන විදේශ වත්කම් හොඳ උදාහරණයක්.

ටිකක් අමාරු වුණත් ඉලක්කම් ටිකකින් මේ බව තේරුම් ගන්න පුළුවන්. අපේ වාණිජ බැංකු ඔක්කෝගේම විදේශ වත්කම් 2019 දෙසැම්බර් අවසන වෙනකොට රුපියල් කෝටි 11,570ක් තිබිලා. හැබැයි මේ අවුරුද්දේ මාර්තු අවසන් වෙනකොට තිබුණු තත්වය ඔබ දන්නවාද? විදේශ වත්කම් නෑ. හිඟයක් තියෙන්නේ. තවත් විදිහකට කියනවා නම් ලොකුම ඍණ ශේෂයක්. කොච්චරද දන්නවාද? රුපියල් කෝටි 188,870 ඍණ ශේෂයක්.

ඔන්න අපි හරියටම තේරුම් ගමු, මේ රටේ බැංකු පද්ධතිය සතුවෙලා තිබුණු විදේශ වත්කම් 2019 ඉවර වෙනකොට රුපියල් කෝටි 11,570යි. නමුත් 2022 මාර්තු ඉවර වෙනකොට විදේශ වත්කම් ඍණ රුපියල් කෝටි 188,870යි. ගෝටා මහ ඡන්දයට ඉස්සෙල්ලා මහ බැංකුවට තග දාලා සංදර්ශන කරලා මුළු බැංකු පද්ධතියටම කරලා තියෙන්නේ මේක. එදා මහ බැංකුවට තග දාපු එක මිනිස්සු දැක්කා. අද බැංකු පද්ධතියම හොම්බෙන් යවා තියෙන හැටි මිනිස්සු දකින්නේ නෑ. ඒකයි වෙනස.

නන්දිමිත‍්‍රගේ සතියේ සටහන

Share post:

Popular

More like this
Related

Why did the Palestinian group Hamas launch an attack on Israel? All to know | Israel-Palestine conflict News

EXPLAINERDozens killed, tons of injured after Hamas sends...

Air India’s First Look Of Planes After Major Logo, Design Change. See Pics

<!-- -->Our A350s begin coming house this winter,...

Pakistan beat Netherlands by 81 runs in ICC Cricket World Cup 2023 | ICC Cricket World Cup News

Haris Rauf took three wickets Pakistan’s bowlers dismissed...

Asian Games 2023 Day 13 Live Updates: Medal Rush For India On Day 13, 90-Mark Breached

Asian Video games 2023 Day 13 Dwell Updates:...