කොළඹ නගර සීමාවේ පාසල් ලබන සතිය තුළ වැසේ

Date:


වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා පිළිබද සැලකිළිමත් වෙමින් ලබන සදුදා සිට සතියක කාලයක් කොළඹ නගරයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් අදාළ විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදී පවත්වාගෙන යා හැකියි. එමෙන්ම තදාසන්න නගරවල පාසල් ලබන සතියේ ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් සිදුකිරීමටත් තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතා පවසනවා. ඔන්ලයින් අධ්‍යාපනය සිදුවන දහවල් කාලය තුළ විදුලි කප්පාදුවක් නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීම් කර තිබෙනවා.

ලබන 25 වනදා අධ්‍යාපන බලධාරීන් රැස්වී සිදුකරන සමාලෝචනයෙන් අනතුරුව මීළග සතියේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මකකරන ආකාරය පිලිබද තීරණයක් ගැනීමට නියමිතයි.

 

 

 

 

The put up කොළඹ නගර සීමාවේ පාසල් ලබන සතිය තුළ වැසේ appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

World News: Stay Updated with Global Headlines

In today's fast-paced world, staying updated with global headlines...

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...