එරංග, මනුවර්ණ, රැට්ටා, ජෙහාන් ඇතුළු 09ක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග – Lanka Reality | සිංහල

Date:


පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ.

ඒ, මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කර ඇති නිවේදනය අනුවය.

එම නිවේදනය අනුව වසන්ත මුදලිගේ, ලහිර චතුරංග වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ජගත් මණුවර්ණ, ධම්මික මුණසිංහ, රත්වත්තේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ගල්වැව සිරිධම්ම හිමි සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.

මෙම නඩුව ලබනමස 05 වනදා යළි කැඳවීමට නියමිතය.

Share post:

Popular

More like this
Related

Australia lose 2-1 to Ecuador at Marvel Stadium in Melbourne

If final week’s conflict gave Socceroos followers a...

Fire at Mexico migrant facility near US border leaves 39 dead, officials say

A fireplace at an immigration detention heart in...