එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩ පිළිවෙළක්

Date:


එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව වී හා අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර හා තනි සුපිරි පොහොර (TSP හා SSP) නිෂ්පාදනය ඉක්මනින්ම ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා අද දින (17) විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව මෙට්‍රික් ටොන් මිලියන 60ක පොස්පේට් පවතී. වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 06ක පමණ මුදලක් වැය කිරීමට රජයට සිදුවේ. එමෙන්ම සංයුතිය ගත් කළ ලෝකයේ දෙවන උසස්ම ගුණාත්මකබවින් හෙබි පොස්පේට් නිධිය වන්නේ එප්පාවල පොස්පේට් නිධියයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කළ අධ්‍යයනයක් අනුව මෙහි උතුරු කොටස මෙන්ම දකුණු කොටසේ මෙට්‍රික් ටොන් මිලියන 60ක සංචිතයක් පවතින බව සනාථ වී තිබේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ බහුකාර්ය ව්‍යාපෘතියක් වශයෙන් එප්පාවල පොස්පේට් නිධිය උපයෝගි කර ගත හැකි බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබුනත් , මෙතෙක් එම ස්වාභාවික සම්පතින් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව ද සඳහන් කළේය.

දැනට දේශීය ආයෝජකයින් කිහිප දෙනෙක් එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතය ට්‍රිපල් සුපර් පොස්පේට් හා සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත්ව ඇත. ඔවුන් ආයෝජනය කරන්නේ නම් විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා අඩු තරමින් ඩොලර් මිලියන 20ක් රජයේ ගිනුමෙහි තැම්පත් කළ යුතු බව ද අවධාරණය කළේය.

පසුගිය කාලය තුළ විවිධ ආයෝජකයින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වුනත් එම ආයෝජකයින් ඉන් පසුව ආයෝජනය කිරීම ප්‍රමාද කරනු ලැබීය. එමනිසා ව්‍යාපෘතිය ඇරඹීම මූලික අරමුණ වන අතරම ශ්‍රී ලංකාව තුළ TSP හා SSP නිපදවීම සඳහා ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බව ද කීය.

මෙම සාකච්ඡාවට තාක්ෂණික අංශ නිලධාරිහු රැසක් සහභාගි වූහ.

 



Share post:

Popular

More like this
Related

Nationals will not back Dutton’s ‘re-racialisation’ claim on the Voice

NATS STAND PROUD Nationals Chief David Littleproud has damaged...

Alex de Minaur, Novak Djokovic win through, Felix Auger-Aliassime out

Australia’s Alex de Minaur has overwhelmed Belarusian Ilya...

Which dogs are banned in the UK? Illegal breeds and Dangerous Dogs Act explained

They might be man's finest good friend, however...