එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගත හැකි ප්‍රාදේශීය කාර්යාල

Date:


එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා දීම ලබන සදුදා සිට මාතර, වව්නියාව, මහනුවර, ප්‍රාදේශීය කාර්යාලවල ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

පළමු අදියර ලෙස එක් එක් ප්‍රාදේශීය කාර්යාල මගින් එක්දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් සියදෙනෙකු සදහා සේවය සපයනු ඇති.

මෙම ප්‍රාදේශීය කාර්යාල මගින් සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මේ වන විටත් අයදුම්කරුවන් වෙත දින සහ වේලාවන් ලබා දී තිබෙනවා.  එබැවින් කලින් දින සහ වේලාවන් වෙන් කර නොගත් අයදුම්කරුවන් අයදුම්පත් භාර දීම සදහා මේ මොහොතේ නොපැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවය ලබා ගැනීම සදහා ඉදිරි දින 60ක කාල සීමාවට දැනටමත් අයදුම්පත්‍ර ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

කඩිනමින් විදේශ රැකියාවක් සදහා විදේශ ගත වීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන් එය තහවුරු වන ලියකියවිලි 070 63 117 11 දුරකතන අංකය වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් යොමු කරන ලෙසද ආගමන විගමන පාලක ජෙනරාල්වරයා ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඔවුන්ට කඩිනමින් දිනයක් හා වේලාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

 



Share post:

Popular

More like this
Related

Nationals will not back Dutton’s ‘re-racialisation’ claim on the Voice

NATS STAND PROUD Nationals Chief David Littleproud has damaged...

Alex de Minaur, Novak Djokovic win through, Felix Auger-Aliassime out

Australia’s Alex de Minaur has overwhelmed Belarusian Ilya...

Which dogs are banned in the UK? Illegal breeds and Dangerous Dogs Act explained

They might be man's finest good friend, however...