විදුලි බිල්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය අලුත් වෙයි

Date:


විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා ඇත. 

 

ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයින් වෙත මාසික විදුලි බිල්පත් නිකුත් කිරීමේදී පහත ක්‍රමවේද භාවිතා කෙරේ. 

 

තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (thermal printed payments) — කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ‍‍ඇත්නම්, ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කරනු ලැබේ.  

 

කෙටි පණිවිඩ මඟින් (SMS) — මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

 

CEBCare ජංගම දුරකථන යෙදුම – CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.

 

වඩාත් කාර්යක්ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණකගත කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “CEB Help” වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දෙන ලද අතර, බිල්පත් යොමු කිරීමේ සිව්වන ක්‍රමවේදය ලෙස විද්‍යුත් තැපැල් මඟින් ඊ-බිල්පත් නිකුත් කිරීම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සැකසුම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

 

විදුලි බිල්පත් පෙරාතුව මුද්‍රණය කර බෙදාහැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟය හේතුවෙන් කළ නොහැකි වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. 

 

මෙම නව ක්‍රමවේද වෙත යොමු වීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පමණක් නොව, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමට ද දායකවනු ඇත.

Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...