රට පුරා ඩෙංගු වසංගත තත්ත්වයක්

Date:


මදුරු ඝනත්වය මනින බිටෝ දර්ශකය මේ වන විට 20 ඉක්මවා යෑමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වයක් රට පුරා පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේය.

 

බිටෝ දර්ශකය 5ට අඩුවෙන් පවත්වා ගැනීමට සැලසුම් කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානය නියම කර ඇත්තේ දෙකට අඩුවෙන් පවත්වා ගත යුතු බවට යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

ඩෙංගු වයිරසය ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටයි සහ ඇල්බොපික්ටස් මදුරු වර්ග පරිසරය තුළ මේ දිනයන්හි ඉහළ යෑමත් සමඟ ඩෙංගු ආසාදිතයන්ගේ වාර්තා වීම ද ඉහළ ගොස් ඇතැයි හෙතෙම පැවසීය.වසර 2017දී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් රට තුළ පැතිර ගිය අතර, සාමාන්‍යයෙන් වසර පහකට වරක් ඩෙංගු වසංගත තත්ත්වයක් පැමිණීම සිදු වන්නේ යැයි ද ඒ අනුව 2022 වර්ෂයේදී වසංගත තත්ත්වයක් මතුව ඇතැයි ද ඔහු පැවසුවේය.

Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...