යුක්රේනයේ අභ්‍යවකාශ රොකට්ටු නිෂ්පාදන මධ්‍යස්ථානයකට රුසියාව එල්ල කළ දිගුදුර මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් පහළොස් දෙනෙකුට වැඩිපිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. යුක්රේනයේ නිප්රෝ නමැති ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව ජීවත් වන ප්‍රදේශයකයි මෙම මධ්‍යස්ථානය පිහිටා තිබුණේ.
එහි චන්ද්‍රිකා නිෂ්පාදනය ද සිදුවන අතර එලෝන් මස්ක්ගේ ඉස්පේසෙක්ස් සමාගම සදහාද අභ්‍යවකාශ යානා නිපදවීම සිදු කෙරෙනවා. මීට පෙරද රුසියාව එල්ල කළ කෘෘස් මිසයිලයකින් යුක්රේනයේ විනිට්ෂියා ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් විසිතුන්දෙනෙකු ඝාතනයට ලක් වුණා.
The submit යුක්රේන රොකට් නිෂ්පාදන මධ්‍යස්ථානයකට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් appeared first on ITN Information.