ජාත්‍යන්තර බැදුම්කර ණය ගෙවීම් පැහර හැරීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩු – Lanka Reality | සිංහල

Date:


ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියෙකු අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරනු ලැබීය.

නඩුව ගොනු කළ හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ් (Hamilton Reserve Financial institution Ltd) නැමති එම බැංකු සමාගම පවසන්නේ, ශ්‍රී ලංකාව සිය ස්වෛරීත්ව බඳුම්කර සඳහා ණය සේවා සැපයීම නැවැත්වූ බවයි.

හරස් පැහැර හැරීමක් ඇති කරමින්, වෙනත් බැඳුම්කර දෙකකට ද ගෙවීම් අතපසු කර ඇති බවත් පවසමින්, පොලිය සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසද අදාළ සමාගම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

මෙම නඩු පැවරීම වාර්තා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් ණය වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතර වාරයේය.

“අද මම මෙරටට පැමිණ තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හමුවී සාකච්ඡා ආරම්භ කළා. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට සහ වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වේ,” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුනි 20 වැනිදා පැවසීය.

ආර්ථික කඩාවැටීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක රජය නිරත වෙමින් සිටියදී ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙවැනි නඩුවකට මුහුණ දෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

ජූලි 25 වන දිනට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක ශ්‍රී ලංකාවේ 5.875% ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් එනම් සම්පුර්ණ බදුම්කරයෙන් 25percentකට වඩා හිමි හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ්, මූලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇත.

ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා මග හැරුණු පොලී ගෙවීම් සඳහා දින 30ක සහන කාලයක් ඉකුත්වීමෙන් පසු ශ්‍රී ලංකාව මැයි මාසයේදී ණය ගෙවීම් පැහැර හැරීමට ලක් විය.

එය 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද පළමු ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීම ලෙස සැලකෙයි.

හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ්, එම නඩුවේදී කියා සිටියේ, මෙම පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු “ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් නිර්මාණය කරන ලද්දක්” බවයි.

ශ්‍රී ලංකාව, ප්‍රකාශිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වවල බැඳුම්කර බැහැර කර ඇති බවට ද හැමිල්ටන් රිසර්ව් බෑන්ක් චෝදනා කළේය.

හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙහි “ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා පාර්ශවයන්ට මුලික මුදල හා පොලී ගෙවීම් හිමිවන බවයි.

එහෙත් Constancy Investments, BlackRock, T. Rowe Worth, Lord Abbett, JPMorgan, PIMCO, Neuberger Berman සහ අනෙකුත් අමෙරිකානු ආයෝජකයින්ට දින නියමයක් නොමැතිව ගෙවීම් පැහැර හැර ඇති බවත්, මේ හේතුවෙන් අමෙරිකානු විශ්‍රාමිකයින් ඔවුන්ගේ මුල් ආයෝජන වටිනාකමෙන් 80% ක් දක්වා විශාල අලාභයකින් දැඩි ලෙස පීඩා විඳින බවත් නීතිඥවරු පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

ණය ප්‍රතිව්‍යුගතකරණයට සාකච්ඡා

පසුගිය මැයි මාසයේදී රජය ඉතිහාසයේ ප්‍රථම වතාවට තම ණය ගෙවීමට නොහැකි නිසාවෙන් එම ණය ගෙවීම ජාත්‍යන්තර ණය හිමියන්ට පහරහරින බවට ප්‍රකාශකිරීමෙන් අනතුරුව ඩොලර් බිලියන 12 කට අධික ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට මූල්‍ය සහ නීති උපදේශකවරුන් වන ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Likelihood) යන ආයතන රජය වෙනුවෙන් තෝරාගනු ලැබීය.

අගමැතිවරයා ජුනි 14 වැනිදා පැවසුවේ ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් හී නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

මේ අතර Pacific Funding Administration Co., T. Rowe Worth Group Inc. සහ BlackRock Inc. ඇතුළුව ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නන් විසින් කණ්ඩායමක් පිහිටුවා ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය.

නීති උපදේශක White & Case LLC හි ප්‍රකාශයකට අනුව, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර හිමි වත්කම් කළමණාකරුවන් 30 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ණයහිමියන් කණ්ඩායමක් ලෙස ඉදිරිපත්වීමට නියමිතව ඇත.

Rothschild & Co මූල්‍ය උපදේශකත්වය දරන අදාළ සමූහයේ Amundi Asset Administration, BlackRock, HBK Capital Administration, Morgan Stanley Funding Administration සහ T. Rowe Worth Associates Inc, යන ආයතන මෙහෙයුම් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්‍රික් අධිකරණය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරනු ලැබු මෙම නඩුව රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ණය ප්‍රතිව්‍යුහගතකිරීමට බලපෑ හැකි බවට මුල්‍ය විශේෂඥයින් පැවසීය.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභ්‍යාසය ඉතා පහසු ගමනක් නොවන බව පෙනේ, බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත; ඩොලර් බිලියන 1 ක ISB වලින් ඩොලර් මිලියන 250 ක් යනු 25% වන අතර මෙම නඩුවට තවත් නඩු නොපැමිණියහොත් ඉතිරි 75% විසින් ගත යුතු තීරණයට බලපෑම් කළ හැකිය,” යනුවෙන් මහ බැංකුවේ හිටපු කීර්තිමත් නිලධරයෙකු හා ආර්ථික විශේෂඥයකු වන ඩබ්ලිව් ඒ විජේවර්ධන පැවසීය.

ජපානය, ඉන්දියාව සහ චීනයේ ද්විපාර්ශ්වික ණය ඇතුළුව සිය සංකීර්ණ ණය හිමියන්ගේ ජාලය සමග නැවත සාකච්ඡා කිරීමේ දුෂ්කර කාර්යය සඳහා රජය බඳවාගත් මූල්‍ය සහ නීති උපදේශකවරුන් වන Lazard සහ Clifford Likelihood මේ වන විට සුදානම් වෙමින් ඇත.

ඔවුන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ අනෙකුත් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පැවසූ අතර, ශ්‍රී ලංකා රජය “අර්ථවත් ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ගැලපුම් පැකේජයක් ක්‍රියාත්මක කළ යුතු” බව පැවසීය.

බීබීසී සිංහල



Share post:

Popular

More like this
Related

The Evolution of Entertainment: A Journey Through Time

The world of entertainment has undergone a transformative journey,...

Breaking News 2024: Navigating Through the Maze of Information

In today's rapidly evolving world, staying informed about the...

Embracing the Magic: A Journey into the World of Entertainment

Entertainment, in all its forms, has the remarkable ability...

Exploring the Dynamic Realm of World News

In an era where the world is more interconnected...