ශ්‍රී ලංකාවේ තත්වය ගැන IMF දැඩි අවධානයෙන්

Date:


ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ගැන සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කරනවා.

වත්මන් තත්වය විසදා ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහය දක්වන වැඩසටහනක් පිළිබදව සාකච්ඡාවන් ඇරඹීම සදහා ඉඩ සලසනු ඇති බව තමන් අපේක්ෂා කරන බව ඔවුන් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දුප්පත් සහ අවධානම් කණ්ඩායම්වලට පවතින ආර්ථික අර්බුදයෙන් එල්ලවන බලපෑම පිළිබද තමන් කණගාටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියා සිටිනවා. තම ප්‍රතිපත්තිවලට අනුව සහය දැක්වීමට කැපවෙන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සහ මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව පවත්වන බවයි මෙම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වයට දීර්ඝකාලීන විසදුමක් සොයාගත යුතු බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග උපුටාදක්වමින් ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය සදහන් කරන්නේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමත්, ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලා සිටින දේශපාලන හා සමාජීය වෙනස්කම් සිදුකිරීමට රටේ නායකයන් කැපවීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් තමන් බලාපොරොත්තු වන බවයි.

 

 

 

 

 

The put up ශ්‍රී ලංකාවේ තත්වය ගැන IMF දැඩි අවධානයෙන් appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

Slovaks vote between pro-Russian ex-PM and pro-Western liberals | Elections News

Voting has begun in a intently contested election...

For The First Time in 50 Years, US Won’t Have Any Panda. Here’s Why

<!-- -->For all panda lovers within the US,...

Can autoworkers fuel a labour renaissance? | Labour Rights News

In the direction of the top of 1936,...