විදුලියේ ක්‍රියාකාරකම් දෙකක් ගැන විදුලි ඇමති තද තීන්දුවකට සැරසෙයි

Date:


පසුගිය නව වනදා විදුලිය බිඳවැටීම සහ ජල විදුලිය නිපදවීමට හැකියාව තිබිය දී ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම පිළිබද පරීක්ෂණ පවත්වන ලෙස  අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය 9 වනදා විදුලිය විසන්ධිවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස නිර්දේශ කරමින් මහජන උපයෝගීතා කොමිසමෙන් ලිපියක් අද උදෑසන ලැබුණු බවයි. එමෙන්ම ජල විදුලිය නිපදවීමේ හැකියාව තිබියදී ඉන්ධන බලාගාර මෙහෙයුම් සදහා රුපියල් මිලියන 320 ක වියදමක් දැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම එම සිද්ධීන්වලට වග කිවයුතු පුද්ගලයින් තාවකාලිකව එම තනතුරුවලින් ඉවත් කරන ලෙස උපදෙස් ලබාදුන් බවද එම පණිවුඩයේ සදහන්.

 

 

The publish විදුලියේ ක්‍රියාකාරකම් දෙකක් ගැන විදුලි ඇමති තද තීන්දුවකට සැරසෙයි appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

Alfa Romeo’s disappearing logo mystery

The Alfa Romeo System 1 group signed a...

Croatia Returns Migrants To Bosnia Amid Spike In Illegal Border Crossings

Ukraine on March 31 marked one yr since...

Viral snowboarder who was found buried alive in thick snow breaks his silence on dramatic rescue

A snowboarder who went viral after being discovered...