පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සාමය සඳහා ආයාචනා කරයි

Date:


ශ්‍රී ලංකාවේ සාමය සඳහා ආයාචනා කරන බවත් දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සංවේගී හදවත් සමඟ තමන්ද එක් වන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ. 

 

පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා චතුරශ්‍රයේ ඊයේ (10) පැවති දහවල් තුන් කාලයේ ආරාධනාව යැදුම අවස්ථාවේ දී ය.

 

දහස් සංඛ්‍යාත පිරිසක් ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිරයට කඩා වැදීම සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ද ගිනි තැබීමෙන් අනතුරුව උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

 

“දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවගේ ශෝකය වෙනුවෙන් මම එක් වෙමි. රටේ රදගුරුවරුන් සමඟ එක්ව, මම සාමය සඳහා වන මගේ ආයාචනය අලුත් කරන අතර දුප්පතුන්ගේ කෑගැසීම නොසලකා නොහරින ලෙස බලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිමි, ”පාප් වහන්සේ පැවසුහ.

Share post:

Popular

More like this
Related

Zelenskyy culminates Washington visit with a White House pledge of $128m | Russia-Ukraine war News

Ukrainian President Volodymyr Zelenskyy has made his second...

Women’s Reservation Bill Clears Parliament In Historic Step Towards Becoming Law

<!-- -->Ladies's Reservation: The large debate in Rajya...

US Asks India To Cooperate In Probe Of Khalistani Terrorist’s Death

<!-- -->White Home official stated that US is...

Shah Rukh Khan’s Film Joins The 500 Crore Club

<!-- -->SRK in Jawan. (courtesy: YouTube)New Delhi: Shah...