අධිකරණ තීන්දුව දෙනතෙක් මන්ත්‍රී – ඇමති ධුරවල දිවුරුම් දෙන්නේ නැහැ

Date:


සිය පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුවක් ලබාදෙන තෙක් මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයේ දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා. සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමක් සිදු නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි මෙම ප්‍රතිඥාව ලබාදුන්නේ. එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම හෙට දිනය තෙක් කල් තැබුවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා කරුණු දැක්වුවා. ධම්මික පෙරේරා මහතාගේ නම නාමයෝජනාවල හෝ ජාතික ලැයිස්තුතවේ ඇතුලත්ව නොතිබූ බැවින් ඔහු නම් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු පැවසුවේ.ව්‍යාපාර රැසක හිමිකරුවකු මන්ත්‍රී ධුරය සදහා නම් කිරීම හරහා ජනතාව තුළ සැකයක් උපදින බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අනුව ධම්මික පෙරේරා හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බැවින් එය වැළැක්වීමේ තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි සුමන්තිරන් මහතා ඉල්ලා සිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සහ ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටිත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊට විරෝධය පළ කළා. තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව එවැනි අතුරු නියෝගයක් නිකුත් කිරීමට හැකියාව නොමැති බවට ජනාධිපති නීතිඥවරුන් තර්ක කළා. එහිදීයී රොමේෂ් ද සිල්වා මහතා ප්‍රතිඥාවක් දෙමින් තම  සේවා දායකයා හෙට දින මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වැලකී සිටින බව දන්වා සිටියේ. එවැනි ප්‍රතිඥාවක් ලබාදීම සම්බන්ධයෙන් ස්තුතියව පළ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සළකා බැලීම හෙට දිනය තෙක් කල් තැබුවා.

The publish අධිකරණ තීන්දුව දෙනතෙක් මන්ත්‍රී – ඇමති ධුරවල දිවුරුම් දෙන්නේ නැහැ appeared first on ITN Information.

Share post:

Popular

More like this
Related

Why did the Palestinian group Hamas launch an attack on Israel? All to know | Israel-Palestine conflict News

EXPLAINERDozens killed, tons of injured after Hamas sends...

Air India’s First Look Of Planes After Major Logo, Design Change. See Pics

<!-- -->Our A350s begin coming house this winter,...

Pakistan beat Netherlands by 81 runs in ICC Cricket World Cup 2023 | ICC Cricket World Cup News

Haris Rauf took three wickets Pakistan’s bowlers dismissed...

Asian Games 2023 Day 13 Live Updates: Medal Rush For India On Day 13, 90-Mark Breached

Asian Video games 2023 Day 13 Dwell Updates:...